Dec 22

රිදී රැයක විචිත්‍රත්ව ය…

“ඩයලොග් රිදී රැයක්‌” මෙවරද විචිත්‍රවත් ප්‍රසංගයක්‌ ලෙසින් පසුගිය ඉරිදා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

සිනමා අඹරේ තරු වේදිකාවට බැස සිනමාවේ දශක හතක අතීතය සිහි ගන්වමින් මියුරු ගීත සඳහා සුන්දර රැඟුමන් ඉදිරිපත් කළහ. මේ මියුරු රංගනයන් අතරින් ප්‍රේක්‍ෂක සිත් වඩාත් ඇද බැඳ ගත්තේ ජැක්‌සන් ඇන්තනි ප්‍රවීණ ශිල්පියා සිය පුතුන් දෙදෙනා වන අකිල ධනුද්ධර සහ සජිත අනුත්තර සමග ඉදිරිපත් කළ රංගනයයි.

ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිනෙස්‌ටාර් පදනම පහළොස්‌වැනි වරටත් ඉදිරිපත් කළ “රිදී රැයක්‌” ප්‍රසංගයේ සුවිශේෂත්වය වූයේ අපේ සිනමාව වර්ණවත් කළ ප්‍රවීණ නිළි සෝනියා දිසානායක අගයමින් සම්මාන උපහාර දැක්‌වීමත්, සිනමාවේ උන්නතිය වෙනුවෙන් පෑන මෙහෙයවූ සිනමා පුවත්පත් කලාවේදීන් පස්‌ දෙනෙකු වන ආතර් යූ. අමරසේන, සිරි කහවල, අර්නස්‌ට්‌ වඩුගේ, බන්දුල පද්මකුමාර සහ ඒ. ඩී. රංජිත් කුමාර යන ප්‍රවීණයන් අගයමින් උපහාර දැක්‌වීමත්ය.

උළෙලේ අවස්‌ථා මේ සමග දැක්‌වේ.

ඡායාරූප – ලක්‌මාල් ස්‌පෙන්සර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *