Jan 27

බත්තරමුල්ලට ලන්ඩන් – සිංගප්පූරු පෙනුම Colombo Eye

බත්තරමුල්ලට ලන්ඩන් – සිංගප්පූරු පෙනුම
Colombo Eye

බත්තරමුල්ල දියවන්නාව කේන්ද්‍ර කරගනිමින්  විනෝදාශ්වාද නගරයක් ඉදිකිරීමට ඊයේ ගිවිසුම් අත්සන් කර තිබේ. ලන්ඩනයේ හා සිංගප්පූරුවේ පිහිටුවා ඇති ආකාරයට නගරයම දැක බලාගන්නට හැකි රෝදයක් නිර්මාණය කිරීමටද මෙහිදී අපේක්ෂා කරන බව කියැවිණි.
වෝටර්ස් එජ් ආයතනය සහ මෙල්ඩර්ස් ව්‍යාපෘති කළමනාකරණ ආයතනය මෙම ගිවිසුම අත්සන් කළේ
අමාත්‍ය චම්පික රණවක  ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයකදීය.
නාගරික සංවර්ධන අධිකාරිය සහ ක්‍රීඩා අමාත්‍යයංශය ද මෙම කාර්යය වෙනුවෙන් සහයෝගය දක්වන බවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ අරමුණ ඇතිව අංගෝපාංග රැසකින් යුත් සිහින දූපතක් ලෙස එම නගරය ඉදිරිකරන බව ද පැවසුණ අතර එය ‘ෆැන්ටසි අයිලන්ඩ්‘ යනුවෙන් නම් තබා තිබේ.

ලන්ඩනයේ හා සිංගප්පූරුවේ පිහිටුවා ඇති ආකාරයට නගරයම දැක බලාගන්නට හැකි රෝදය ‘colombo eye’ යනුවෙන් නම් තබා තිබේ.
1 වන අදියර සඳහා රුපියල් කෝටි 60ක පමණ ආයෝජනයක් මේ වෙනුවෙන් යොදවා ඇති බව කී අමාත්‍යවරයා මින් ඉහත මෙම ප්‍රදේශය සංවර්ධනය කරන්නට ජනතාවගේ ඉඩම් මුදල් නොගෙවා බලෙන් පවරාගෙන තිබූ නමුත් වත්මන් රජය යටතේ එම අසාධාරණය ඉඩ නොදුන් බවත් වෝටර්ස් ඒජ් ආයතනය ජනතාවට වන්දි රුපියල් මිලියන 220 ක් ගෙවා දමා මෙම සංවර්ධන කටයුත්ත අරඹා ඇති බවත් පැවසුවේය.

ඉදිරි වසර තුනේදී බත්තරමුල්ල නගරය බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සිදුවන අතරේ මෙම කටයුතුද සිදුවන බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *