Jan 31

දූෂණ ක්‍රියා සිදුකළ බව පිළිගත් සෞදි අරාබියේ කුමරු මුදල් ගෙවා නිදහස් වෙයි

billionaire-alwaleeds
සෞදි අරාබියේ සුපිරි කෝටිපති අල්වාලිද් කුමරු සව්දි රියාල් මිලියන ගණනක වන්දියක්‌ ගෙවීමෙන් පසු සිර භාරයෙන් නිදහස්‌ වී තිබෙනවා.

ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබුණු අතර ඒ හේතුවෙන් ඔහුව සිර ගත කිරීමට එරට අධිකරණයක් තීරණය කළා. ඒ අනුව සිරගතව සිටි ඔහුව නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

දූෂණ චෝදනා එල්ල වූ අල්වාලිද් ඇතුළු කුමාරවරු සහ රජයේ නිලධාරීන් 350 ක්‌ රියාද් නුවර රිට්‌ස්‌ නමැති සුපිරි හෝටලයේ රඳවා සිටි බව වාර්තා වෙනවා. රජය සමඟ ඇති කරගත් එකඟතා මත විශාල වන්දියක්‌ ගෙවීමට අල් වාලිද් කුමරු එකඟ තිබෙන බවත් සදහන්.

සෞදි අරාබියාවේ එම්.බී සී. මාධ්‍ය ආයතනය මෙහෙය වන්නේද අල්වාලිද්ය. තමා දූෂණ ක්‍රියා සිදුකළ බව ඔහු පිළිගෙන තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *