Jan 31

අද උදෙන්ම ඇරඹුණු වෛද්‍ය වැඩ වර්ජනයට සිදු වූ දේ – Video

docter-strike

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන් අද උදෑසන සිට දිවයින පුරා ආරම්භකර තිබූ වැඩවර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංකේත වර්ජනයේ නිරත වූයේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව සිදුකරන වර්ජනය හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වුණා.

හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශවල වැඩ කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී තිබූ බවයි.

කොළඹ ජාතික රෝහලේ ද සායනික සහ බාහිර රෝගී අංශවල වැඩ කටයුතු අද දිනයේ අඩාල වී තිබුණා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හදිසි අනතුරු ඒකක සහ හදිසි සැත්කම් සිදුකිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම මහනුවර මහරෝහලේ කටයුතුවලට වර්ජනය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන කියා සිටියා.

මාතර මහරෝහලේ කටයුතුවලට ද වර්ජනය හේතුවෙන් බාධා එල්ල වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *