Feb 26

රුහුණු නවම් පෙරහැරට සූදානම් කළ ඇතා කළ පහරදීමෙන් ඇත් ගොව්වා ජීවිතක්ෂයට

elephant-thissa
තිස්සමහාරාම පස්චිමාරාමයේ පැවැති රුහුණු නවම් පෙරහර වෙනුවෙන් විහාරස්ථානයට ගෙවා තිබූ තිස්සමහාරාම රජමහා විහාරයට අයත් “තිස්ස සමන්” නමැති අලියා පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් තිබේ. පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලියා සරසමින් සිටියදී පෙරේදා (24දා) රාත්‍රි 7.30ට පමණ ඇත්ගොව්වා
හට අලියා පහර දී ඇති අතර

බරපතළ තත්වයේ සිටි ඇත්ගොව්වා තිස්සමහාරාම රෝහලට ඇතුළත් කළ පසු රාත්‍රි 9ට පමණ මියගොස් තිබේ. අලියා පහරදීමෙන් මියගොස් ඇත්තේ කාලයක් තිස් ඇත් ගොව්වකු ලෙස සේවය කළ අත්තනායක මුදියන්සේලාගේ අනුර ප්‍රියස්ත නමැත්තායි. කතරගම ප්‍රදේශයේ පදිංචි ඔහු විශේෂයෙන්ම කතරගම පෙරහර සමයේදී ඇත්ගොව්වකු ලෙස මහඟු සේවයක් කරනු ලබන බව වනජීවී නිලධාරීන් සහ  අනෙකුත් ඇත්ගොව්වෝ ප්‍රකාශ කර සිටිති. තිස්සමහාරාම පස්වනාරාමයේදී ඇත්ගොව්වා හට පහරදුන් “තිස්ස සමන්”නමැති අලියා විසින් මීට වසර 12කට පමණ පෙරදී කතරගම මැණික් ගඟ අසලදී නිලමේ නමැති ඇත් ගොව්වා හට පහර දී ඝාතනය කළ බව,
කතරගම දේවාලයේ වාසනා හස්තියාගේ ඇත්ගොව්වා වශයෙන් කටයුතු කරන අජිත් ලියනගේ මහතා ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *