
කාන්තාවන්ට මත්පැන් වෙළඳසැල්වල මත්පැන් විකිණීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කරන්නට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාරවල කාන්තාවන්ට සේවය කිරීමට පනවා තිබූ තහනමද ඉවත් කර තිබෙනවා.
මීට අදාල ගැසට් පත්‍රයට අද දිනයේදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අත්සන් තැබු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම තහනම ඉවත් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණයි.