Jan 26

32 හැවිරිදි පෙම්වතා 7 වසරේ පෙම්වතියට කළ අහස පොළොව නුහුලන අපරාධය

raped-case
අඹු සැමියන් ලෙස හැසිරී ඡායාරූපත් අරන්..

පෙති 50 ක් බීලා පෙම්වතිය රෝහල් ගත කරයි..
වයස අවුරුදු 13 ක පාසල් දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා මත 32 හැවිරිදි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ ඉමදුව ප්‍රදේශයේ පදිංචි වින්දිත දැරිය ඖෂධ පෙති 50 ක් පමණ පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීම හේතුවෙන්.

ඇය මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පෙරේදා (24) සිය මව සහ පියා නිවසේ නොසිටි අවස්ථාවක දැරිය මෙම ඖෂධ පෙති පානය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඇය පාසලේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන බව සඳහන්.

ඉමදුව පොලිසිය සිදු කළ මුලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ දැරිය 32 හැවිරිදි පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඔහු අතින් මෙම දැරිය අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්ව ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

සැකකරු මෙම දැරියගේ නිවස ආසන්නයේ නිවසක ජීවත්වන සිය සොයුරියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඇතැයි සඳහන්.

කෙසේවෙතත් එම සම්බන්ධය පිළිබඳ නොදත් සැකකරුගේ සොයුරිය සැකකරුට වෙනත් විවාහයක් යෝජනා කර තිබෙනවා.

එය දැරියට සැල වීමෙන් පසු ඇය සැකකරුගේ නව පෙම්වතියට දුරකථනයෙන් අමතා ඇති අතර එහිදී අදාළ තරුණිය මෙම දැරියට බැන වැදී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව ඖෂධ පෙති පානය කළ දැරිය ප්‍රකාශකර ඇත්තේ තමා සැකකරු සමග අඹු සැමි සබඳතා පැවැත්වු අතර පෙම්වතා ඒවා සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ද ලබාගත් බවයි.

මෙම පැමිණිල්ලට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඔහුගේ දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *