Jan 04

කොදෙව්වන්ට මහා විනාශයක් කරමින් නවසීලන්තය අද ලෝකයෙන්ම එක වෙයි

nz-vs-wi
ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පත්වීමට නවසීලන්තය අද සමත් වුණා.
ඒ කොදෙව්වන් සමග පැවති තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමත් සමගයි.

නවසීලන්තය අද (03) කොදෙව්වන්ට එරෙහිව පැවති තුන්වන තරගය ලකුණු 119 කින් ජය ගත්තා.

මීට පෙර  T20 ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණේ පසුවුණේ පාකිස්ථානයයි.

නමුත් පාකිස්ථානය පසු කරමින් නවසීලන්තය අංක එකට පත්වුණේ ලකුණු 126 ක් ලබා ගනිමින්.

පාකිස්ථානය ලකුණු 124 ක් සමගින් දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව ලකුණු 121 ක් සමගින් තුන්වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රි ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම් හි පසුවන්නේ 8 වන ස්ථානයේයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *