Dec 25

බෝල්ට්‌ගේ හතෙන් කොදෙව්වෝ වැටෙති

ට්‍රෙන්ට්‌ බෝල්ට්‌ගේ සුපිරි පන්දු යෑවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැති දෙවැනි එක්‌දින තරගයෙන් ලකුණු 204 ක පහසු ජයක්‌ වාර්තා කිරීමට නවසීලන්තයට හැකි වූයේය.

ඒත් සමග තවත් එක්‌ තරගයක්‌ ඉතිරිව තිබියදී 2-0 ක්‌ ලෙස තරගාවලි ජයද නවසීලන්තය සතුවිය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 කට ලකුණු 325 ක්‌ රැස්‌කරන අතරවාරයේ පන්දුවාර 28 කදී කොදෙව් ඉනිම ලකුණු 121 කට සීමා විය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යෑවීමක නියෑළුණු ට්‍රෙන්ට්‌ බෝල්ට්‌ නිලකුණු පන්දුවාර 3ක්‌ සමගින් පන්දුවාර 10 ක්‌ යවා ලකුණු 34 කට කඩුලු 7 ක්‌ දවා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *