Jan 26

බාහුබලී රගපෑ ප්‍රධාන නළුවා නිළියක් සහේට ගන්න සැරසෙයි

කොලිවුඩ්වල වගේම ලෝකය පුරා සීග්‍රයෙන් ජනප්‍රිය වුණු බාහුබලි චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ප්‍රභාස් මේ වසරේ විවාහ වීමට සුදානම් බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. ඔහු විවාහ වෙන්නේ ඉන්දීය නිලියක් වගේම මෝස්‌තර නිරුපන ශිල්පිනියක් වූ 36 හැවිරිදි අනුෂ්කා ශෙට්ටි සමගයි. ඇය රංගනයට පිවිසෙන්නේ 2005 වර්ෂයේදියි.

මේ දෙන්නාගේ ආදරේ පටන් ගන්නේ අතිශය ජනප්‍රිය වුණු බාහුබලි රූපගත කිරීම් අතරතුර බව සදහන් වෙනවා. මේ දෙන්නගේ ආදරේ විවාහය දක්වා දුරදිග යන්න ප්‍රධාන හේතුව ප්‍රභාස්ගේ මාමා කෙනෙකු නිසා කියලයි කියන්නේ. ඔහු මේ දෙන්නාගේ විවාහට තීන්දු කළ පසුව මොවුන් විවාහයට සුදානම් වන බවයි කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *