Jan 31

රවීගේ උපනායක ධූරය ගැන තිලක් මාරපන කමිටුව ගත් තීරණය

ravi-thilak
බැඳුම්කර පරීක්ෂණ අවසන් වන තුරු හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂ උපනායක ධුරය නොදැරිය යුතු බව එම පක්ෂය විසින් පත් කළ තිලක් මාරපන කමිටුව නිර්දේශ කර තිබෙනවා.

අදාළ කමිටු වාර්තාව පසුගිය 29 වන දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති අතර එමගින් මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කර ඇත්තේ.

මෙම කමිටුවට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමටත් බලතල පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය එදින තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *