Jan 24

‘අම්මා… අම්මා…“ කියා 7 හැවිරිදි දරුවා හඬා වැටෙද්දී දික්කසාද නඩුවට ආ මවට වැල්ලවත්තේදී අත්වූ ඉරණම

train-accident
වව්නියාව බලා යාමට සිය හත් හැවිරිදි පිරිමි දරුවා සමඟ වැල්ලවත්ත දුම්රිය ස්‌ථානයේ පදික වේදිකාවේ රැඳී සිටි මවක්‌ ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී මරුමුවට පත්ව ඇති බව වැල්ලවත්ත පොලිසිය පැවසුවා.
 ඊයේ (23) අලුයම 5.30 ට පමණ ගල්කිස්‌ස සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටුණු මෙම මවගේ සිරුර තැලී පොඩිවී තිබූ බවද වාර්තා වුණා.
මව මියගියත් ඒ අවස්ථාවේදී ඇගේ දරුවාගේ ජීවිතය බේරී ඇති අතර දරුවා ‘‘ අම්මා… අම්මා… “කියමින් හඬා වැළපුණු බවද දැනගන්නට ලැබෙනවා.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ වව්නියාව, පුලියන්කුලමේ පදිංචිව සිටි එන්. කමලවදනා නමැති 36 හැවිරිදි මවක්.
 මෙම මව සිය දරුවා සමඟ පෙරේදා (22 ) අලුයම 1.00 ට පමණ වව්නියාවේ සිට කොළඹ බලා පැමිණ ඇත්තේ දික්‌කසාද නඩුවකට පෙනී සිටීමටයි.
ඒ අනුව ඇය එයට පෙනී සිට පසුව ඥති නිවසක හිඳ ඊයේ අලුයම සිය ගම් බිම් බලා යාමට වැල්ලවත්ත දුම්රිය ස්‌ථානයට පැමිණ තිබෙනවා. දුම්රිය ස්‌ථානයේ පදික වේදිකාවේ හිඳ යාපනය බලා පැමිණෙමින් තිබු දුම්රියට නැගීමට සූදානම් වූ මොහොතේදීයි ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ.
දිවි බේරුණු දරුවා පොලිස්‌ භාරයේ පසුවන අතර මියගිය මවගේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (23 දා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී සිදු කෙරුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *