Jan 26

වික්ටර්ගේ බිරිය යළි රිමාන්ඩ්

vicror-wife

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව
සිටි ප්‍රවීණ ගායක

වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කළේය.

2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටිය දී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000 ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති චෝදනාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *