Oct 23

වසන්ත සේනානායක ගෝඨා ගාවට පනී?

පසුගිය කාලයේ පිල්මාරු දේශපාලනය නිසා ජනතාවගේ හාස්‍යයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන එජාපයේ වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දීමට නොහැකි බවට ලිපියක් යොමු කර ඇති බවට වාර්තා පළවේ. ඔහු මීට පෙර මහින්ද පිලට ගිය අවස්ථාවේ දන්වා තිබුනේ එජාප නායක රනිල් සිටිනතුරු…

Oct 23

පුදුකුඩිඉරිප්පුවෙන් ගොඩගත් යකඩ පෙට්ටියේ තිබුණේ ප්‍රභාගේ නිල ඇඳුම්ද?

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ යකඩ පෙට්ටියක තිබී එල්ටීටීඊ සංවිධානයට අයත් නිල ඇඳුම් හා උපකරණ තොගයක් හමුවී ඇති අතර එහි තිබූ එම ඇඳුම් එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ විය හැකි බවට ආරක්ෂක අංශ සැකකරයි. ඉරණපලෙයි ප්‍රදේශයේ වැසියකු සිය ඉඩම් ඉදිකිරීමක් සඳහා පොළව හාරමින් සිටිය…

Oct 23

ගෝඨාභයගේ එකම පුතා ශිරන්තිගෙ නෑදෑයෙක් සමග විවාහ වූ දිනය

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ වන අතර ඔවුන්ට සිටින්නේ එක පුතෙකි. ඇමරිකාවේ පදිංචිව සිටින ඔහු  දමින්ද මනෝජ් රාජපක්ෂයි. 1982 දී උපත ලද දැන් 37 හැවිරිදි වියේ පසුවන දමින්ද මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය. ට්‍රවීක් මධ්‍ය පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු…

Oct 22

කාර් එකේ ඉදිරිපස බුදු පිළිම තහනම්ද?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ වීඩියෝවකින් දඩ කොළයක් සම්බන්ධ වැරදි අර්ථ නිරූපණයක් මතුකර ආගම් අතර අසමගියට හේතුවන කාරණා සාකච්ඡා කර ඇති බවට පොලිසිය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම වීඩියෝවේ සටහන් කර ඇති ආකාරයට වාහනයේ ඉදිරිපස බුදු පිළිමය තැබීමට පොලිස් නිලධාරියා දඩ ගැසූ බව…

Oct 22

දක්ෂිණ අධිවේගයේ වාහන 6 ඇක්සිඩන්ට් එකේ වැඩිම හානිය මුතුහෙට්ටිගමගේ දුවගේ වාහනයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඇතුළු වාහන හයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේදි කහතුඩුව කිලෝමිටර් පහයි  දශම නවය ප්‍රදේශයේදී ඊයේ (21) අනතුරකට ලක්වීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගි ගැලනිගම පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ මන්ත්‍රීවරයාගේ දියණීය සමග…

Oct 22

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු පිරිස අතරට මෝටර් රථයක් වැදී අයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් මාර්ගය මධ්‍යයේ පිහිටි වැට පිළිසකර කරමින් සිටියදී ඔවුන් වෙතට වේගයෙන් පැමිණි රථයක් ඔවුන් යට කරගෙන ගිය බව අද උදේ වාර්තා විය. මෝටර් රථය ගැටීමෙන් එම ස්ථානයේ එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙයි….

Oct 22

මව පියා නිවසේ නැති වු අතරවාරයේ 8 ශ්‍රේණියේ පුතුව අපයෝජනය කර මරා එල්ලලා

හම්බන්තොට කටුවන කිරම ප‍්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි වයස අවුරුදු 13 ක දරුවාගේ මරණය ගෙල සිරකර සිදු කරන ලද මිනී මැරුමක් බව ඇඹිලිපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇත. දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක නඳුන් නෙත්සරණ ඩයස් ගුණවර්ධන නමැති දරුවා අභිරහස් ලෙස නිවසේ ජනේලයේ…

Oct 21

අනුරගේ දෑත් ශක්තිමත් කරන්න ආ කලාකරුවන්

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ නව සංස්කෘතියක අපේක්ෂා‌‌වේ කලාව,සංස්කෘතිය ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (20)දිනයේ සිදුකෙරුණා. මෙම අවස්ථාව සඳහා දිවයිනේ ප්‍රකට කලාකරුවන් රැසක්ද සහභාගී වී සිටියා.

Oct 21

වහල් පාතාල දේශපාලනය ගැන මගේ ප්‍රකාශය ඉස්සර කරපු එකක් – ජැක්සන්ගෙන් නිවැරදි කිරීමක්

පාතාල දේශපාලනයට මතවාදී අදහස් වැඩක් නෑ” යන ශීර්ෂපාඨය යටතේ පසුගිය 18 වැනිදා ලංකාදිප පත්‍රයේ රසවින්දන” අතිරේකයේ පළවූ ලිපිය සම්බන්ධයෙන් තතු පැහැදිලි කරමින් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා එම පුවත්පතට ලිපියක් යවා අද එය පළ කරතිබේ.  එහි මෙසේ සඳහන්වේ . පුවත්පත් අතිරේකයේ පළවූ මගේ අදහස…