Dec 21

ඇමරිකාව නිශේධ බලය යොදා ජෙරුසලම් යෝජනාව පරාජය කරයි

America overthrows the resolution of Jerusalem

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය ගත් තීරණයට ඇමරිකාව නිශේධ බලය භාවිත කර ඇත.

ඇමරිකාවේ තීරණයට එරෙහිව ආරක්‍ෂක මණ්‌ඩලයේ ඇතැම් සාමාජිකයන් ගත් තීරණයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ රටවල්වලටද තානාපතිනි නිකිහේලි අනතුරු අඟවා තිබේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව තීරණය කිරීම ඉවත් කළ යුතු බව ආරක්‍ෂක මණ්‌ඩලය ප්‍රකාශ කර ඇත.

එහෙත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ පැවසුවේ ආරක්‍ෂක මණ්‌ඩලයේ වැඩි දෙනා ඇමරිකාවේ ජෙරුසලම් තීන්දුවට එරෙහි බවයි.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට රටවල් 15 ක්‌ අයත් වේ.

එම රටවල්වලින් 14 ක්‌ ජෙරුසලම් අර්බුදය පිළිබඳව පැවසුවේ ඇමරිකාව ජෙරුසලම ඊශ්‍රායල් අගනුවර ලෙස පිළිනොගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *