Apr 03

අද (03) සිට 09 වැනිදා දක්වා රට පුරා ජාතික ඩෙංගු මර්දන සතියක්

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව අද (03) සිට 09 වැනිදා දක්වා රට පුරා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එළැඹෙන නිරිත
දිග මෝසම් වර්ෂාව සමඟ රට පුරා ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පවතින අතර එම තත්ත්වය මර්දනය කිරීමේ අරමුණෙන් මෙම ජාතික සතිය ක්‍රියාත්මක කෙරේ.

මදුරු මර්දන සතිය තුළ පාසල්, කාර්යාල හා අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන පිළිබඳ සියලු පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පළාත් හා කලාප කාර්යාල නිලධාරීන්, අධ්‍යාපන ආයතන ප්‍රධානීන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සිදු කෙරේ.
මදුරු මර්දනය වෙනුවෙන් අඛණ්ඩ වැඩසටහන් සිදු නොකරන පාසල් හා කාර්යාල වෙත ඒ සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීමට උපදෙස් ලබා දීමට ද නියමිතය.
පාසල් නිවාඩු කාලය ආරම්භ වීමට ප්‍රථමව හා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පරිශ්‍රය තුළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නැංවීමට උපදෙස් දීම ද මේ සතිය තුළදී සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *