Apr 03

ආබාධිත දරුවකු ලවා පොල් ගෙඩි 100ක් ලෙලි ගස්සවලා

අනුරාධපුර රියන්සි අලගියවන්න අඳ ගොළු බිහිරේ විදුහලේ ඉගෙනුම ලබන සිය ආබාධිත දරුවාගේ අතේ දියපට්ටා දමනතුරු පොල් ලෙලි ගස්සවාගැනීමට විදුහලේ පාලක මණ්ඩල සාමාජිකයකු කටයුතු කර ඇති බව කියමින් මවක් අනුරාධපුර මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම ආබාධිත විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබන අම්පාර අරණායක ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි
තරුණයකුගේ මව විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පාලක සභා කමිටු සාමාජිකයා ගෙන්වා පැමිණිල්ල විභාග කිරීමට විවිධ පැමිණිලි අංශය පෙරේදා (01) කටයුතු කර තිබේ.  තරුණයා බැලීමට මව පැමිණි අවස්ථාවේ ඔහුගේ එක් අතකට වෙළුම් පටි යොදා තිබෙන අයුරු දැක

ඊට හේතුව විමසු අවස්ථාවේ ඔහු සංඥා භාෂාවෙන් පොල් ගෙඩි 100ක ලෙඩි ඉවත් කළ බව පවසා තිබේ.

එවැනි කාර්යයක් පැවරුවේ කවුරුන්ද යන්න විමසු අවස්ථාවේ පාසල් පාලක මණ්ඩලය නියෝජනය කරන නිලධාරියෙකු බව ඔහු මවට සංඥා භාෂාවෙන් පවසා තිබේ.
ආබාධිත තත්වයෙන් පසු වුවත් දරුවාට දැඩි සෙනෙහසක් දක්වන මව අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණ දරුවා ලවා පාලක මණ්ඩලයේ නිලධාරියකු පොල් ලෙලි ගස්සවා ඇති බවත් ඉන් දරුවාගේ අතකට තුවාල සිදුව ඇති බවත් කියමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේ පාලක මණ්ඩල සාමාජිකයා පවසා ඇත්තේ විහාරස්ථානයකට ලබාදීම සඳහා පොල් ගෙඩි 25ක ප්‍රමාණයක් තමන් ලෙලි ගසමින් සිටියදී තරුණ සිසුවා පැමිණ එම කාර්යය කැමැත්තෙන් භාර ගත් බවත්, පොල් ගෙඩි සියයක් ලෙලි නොගැසූ බවත්ය.  පැමිණිල්ල ඉදිරීපත් කළ මව හා පාලක මණ්ඩල සාමාජිකයාට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පැමිණිල්ල සමථයකට පත්කිරීමට පොලිසිය කටයුතු සිදුකර තිබු අතර ආබාධිත තත්වයෙන් සිටින දරුවන් ලවා පෞද්ගලික රාජකාරී ඉටුකර ගැනීම එතරම් හොඳ කටයුත්තක් නොවන බව විවිධ පැමිණිලි අංශය පාලක මණ්ඩල සාමාජිකයාට අවධාරණය කර තිබේ.

මෙම පාලක මණ්ඩල සාමාජිකයා අදාළ විද්‍යාලයේ තිබෙන පොල් සොරා ගෙන යන බවට තවත් පාලක මණ්ඩල  සාමාජිකයකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විවිධ පැමිණිලි අංශය පක්ෂණ අරඹා තිබේ. ඔහු විසින් පොල් ලෙලි ගසා ව්‍යාජ ප්‍රමාණයන් පොතක සටහන් කර රැගෙන යන බවත් ඒ සියල්ල ජායාරූප ගතකර තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වේ. අනුරාධපුර මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කේ.ඒ. රත්නසිරි මහතා පැමිණිල්ල විභාගයට ගෙන තිබේ.

තරුණයා බැලීමට මව පැමිණි අවස්ථාවේ ඔහුගේ එක් අතකට වෙළුම් පටි යොදා තිබෙන අයුරු දැක ඊට හේතුව විමසු අවස්ථාවේ ඔහු සංඥා භාෂාවෙන් පොල් ගෙඩි 100ක ලෙඩි ඉවත් කළ බව පවසා තිබේ. එවැනි කාර්යයක් පැවරුවේ කවුරුන්ද යන්න විමසු අවස්ථාවේ පාසල් පාලක මණ්ඩලය නියෝජනය කරන නිලධාරියෙකු බව ඔහු මවට සංඥා භාෂාවෙන් පවසා තිබේ.

ආබාධිත තත්වයෙන් පසු වුවත් දරුවාට දැඩි සෙනෙහසක් දක්වන මව අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණ දරුවා ලවා පාලක මණ්ඩලයේ නිලධාරියකු පොල් ලෙලි ගස්සවා ඇති බවත් ඉන් දරුවාගේ අතකට තුවාල සිදුව ඇති බවත් කියමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *