Apr 19

ස්විට්සර්ලන්තයේ බස් අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 12 කට තුවාල එක් අයකුට බරපතලයි

ස්විට්සර්ලන්තයේ බස් අනතුරකින්
ශ්‍රී ලාංකිකයින් 12 කට තුවාල
එක් අයකුට බරපතලයි

බදාදා සවස ස්විට්සර්ලන්තයේ උතුරුදිග සූරිච් නගරයට ආසන්න අධීවේගී මාර්ගයක ගමන් කරමින් තිබු සංචාරක බස් රථයක් අනතුරකට ලක්වීමෙන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
අනතුර නිසා ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු
තුවාල ලද බවත් එක් අයකුට බරපතල බවත් පැවසේ.

ස්විට්සර්ලන්තයේ විදෙස් සංචාරකයින්ට නගර සිරි පෙන්වීම පිණිස ගමන් කළ මෙම බස් රථය ආසන්නයේ අපරික්ෂාකාරීව ගමන් කළ යතුරුපැදියක ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරින් බේරා ගැනීමට කළ උත්සාහයකදී ආසන්න ලොරියක මෙම බස් රථය ගැටී මෙම අනතුර සිදුව ඇත.
එම අවස්ථාවේ රථයේ 40 ක පමණ ආසියාතික සංචාරකයින් පිරිසක් ගමන් කර තිබූ අතර ඉන් 15 ක් ශ්‍රී ලාංකිකයින් වූ බවත් අනතුර නිසා තුවාල ලද 12දෙනාම ශ්‍රී ලාංකිකයින් වූ බවත් වාර්තා කර තිබේ.

 

WinterthurUnfall auf der A 1 Einfahrt Wülflingen richtung ZürichBild : Landbote / MARC DAHINDEN 18.04.2018

Leave a Reply

Your email address will not be published. Required fields are marked *