Jan 19

ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි සම්මාන දිනාගනී, ශ්‍රී ලංකාවට සම්මාන කීයද? – Photos

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව ක්‍රිකට් තරු අගයමින් පිරිනමන සම්මාන සඳහා ක්‍රීඩකයින් නම් කිරීම අද (18) සිදු කෙරුණා.

එහිදී වසරේ  විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුනේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලියි. ඊට අමතරව ඔහු වසරේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්තා.

වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත්.

වසරේ හොදම විස්සයි විස්ස දක්ෂතාවට හිමි සම්මානය ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වෙන්දර් චැහල් දිනාගත්තා.

එම සම්මානය සඳහා අසේල ගුණරත්නගේ නම නිර්දේශ වී තිබෙනවා. අසේල නිර්දේශ වුනේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනෙමින් වාර්තා කල ලකණු 84 නිසයි.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස පාකිස්ථානයේ හසන් අලි සම්මාන දිනාගත්තා.

ටෙස්ට් වරම් නොලද රටවල් අතර විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් සම්මානයට පාත්‍ර වුනා.

මෙම සම්මාන පිරිනැමීමේදී කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට සම්මාන හිමි  නොවීම විශේෂත්වයක්.

එමෙන්ම වසරේ ටෙස්ට් කණ්ඩායමට හෝ එක්දින කණ්ඩායමටද ශ්‍රී ලංකාවෙන් කිසිවකු ඇතුලත් වන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *