Aug 05

වස්කඩුවේ බස් – බස් අනතුරින් 6 ක් මරුට

අද (04) උදැසන 5.15ට පමණ ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මුලතිව් සිට තංගල්ල බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී
අනතුරක් සිදු විය.
ඇල්පිටිය දෙස සිට පැමිණි ලංගම බසය තවත් වාහනයක් ඉස්සර කරන්නට යාමේදී රථ දෙක මුහුණට මුහුණ ගැටුණ බව වාර්තා විය.
අනතුරින් කාන්තාවන් 3 දෙනෙකු හා පිරිමින් 3 දෙනෙකු එකතුව පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇත. පුද්ගලයින් 52ක් තුවාල ලබා ඇති අතර

ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර පිරිමි 43ක් , කාන්තාවන් 8ක් සහ කුඩා දරුවෙක් සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *