Jan 31

අපේ 70 වැනි නිදහස් සැමරුමට බ්‍රිතාන්‍ය රජ පවුලෙන් අද ලංකාවට එන අමුත්තා මෙන්න – Video & Photos

ලබන පෙබරවාරි 4 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 70 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් සහභාගිවන වෙසෙක්ස් හි අර්ල්වරයා හෙවත් එඩ්වඩ් කුමරු සහ පොෂී කුමරිය අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

එඩ්වඩ් කුමරු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුත්‍රයා වන අතර, ඔවුන් මෙරට සමාජ සුබසාධන කටයුතුවල මෙන්ම සංචාර කිහිපයකද නිරත වන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

ඒ අනුව එඩ්වඩ් කුමරු සහ එම කුමරිය හෙට පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිත අතර, ඔවුන් එදින පස්වරුවේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වනු ඇති.

මොවුන් දෙපළ ලබන 03 වනදා රත්මලාන අන්ධ විද්‍යාලයේ පැවැත්වෙන ආබාධිත ළමයින්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් ප්‍රදර්ශනයකට සහ සංස්කෘතික වැඩසටහනකට ද සහභාගි වීමට නියමිතයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *