Apr 12

අවිස්සාවේල්ලේ 75 හැවිරිදි කාන්තාවකට අතවර

ගැටහැත්ත දෙහිගහපිටිය ප්‍රදේශයේ ස්ථානයක තාවකාලිකව නතර වී සිටි වයෝවෘද්ධ කාන්තාවක නාඳුනන පුද්ගලයෙකු විසින් පසුගියදා (09දා) බරපතළ ලෙස අපයෝජනයකට ලක් කර ඇති බවත් එම කාන්තාව
අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්,  අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසිය පචසයි. ඇය අකුරැස්ස වැලිහේන බෝගෙළු වත්තේ පදිංචි 75 හැවිරිදි

කාන්තාවකි.

අපයෝජනයට ලක් වූ කාන්තාව නිවාසවල මෙහෙකාර සේවයේ යෙදී සිටි එක්දරු මවක බවත් මාසයක පමණ කාලයක ගැටහැත්ත දෙහිගහපිටියේ ස්ථානායක තාවකාලිකව නතරවී සිට තිබෙන බවත් පරීක්‍ෂණවලදී අනාවරණය විය.

සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියි. අවිස්සාවේල්ල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික රත්නායක මහතාගේ උපදෙස් මත එම පොලීසියේ කාන්තා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි  උපපොලිස් පරික්ෂිකා ගයනි මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්‍ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *