Jan 05

ත්‍රස්තවාදීන් නලවන පාකිස්ථානයට ඇමරිකාවෙන් ප්‍රහාරයක්

america-statement
ඇමෙරිකා රාජ්‍ය දෙර්තමේන්තුව පකිස්ථානයට ආරක්ෂක වියදම් ලෙස ලබාදෙන රුපියල් බිලියන 175 කට අධික ආධාර වහාම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

පකිස්ථානය තලිබාන් ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන වලට එරට තුල ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදී ඇති බව පවසමිනුයි ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඇමරිකාව පවසන්නේ පාකිස්ථාන රජය වහාම ත්‍රස්තවාදයට එරෙහිව පනතක් සම්මත කළ යුතු බවත් මේ වන විට පාකිස්ථානය ත්‍රස්තවාදින්ගේ ආරක්ෂක ස්ථානයක් බවට පත්වී ඇති බවත්ය.

ඒ අනුව ඔවුන් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන තෙක් මෙම ආධාර නොලැබී යනු ඇති.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවක ජාත්‍යන්තර මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර තිබුණා.

ගිය වසරේද ඇමරිකාව විසින් ඩොලර් මිලියන 255 ක ආධාර අත්හිටුවීමට පියවර ගත්තා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කළේ මේ හරහා පාකිස්ථානය අපේ සතුරෙකු බවට පත්වනු ඇති බවට ප්‍රකාශ නිකුත් වුවත් අපට අවශ්‍ය වන්නේ පාකිස්ථානය ත්‍රස්තවාදින්ගේ නවාතැන්පොළක් වීම වලක්වාලීම පමණක් බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *