Feb 15

ප්‍රේක්ෂකයින්ට සුබ පණිවිඩයක්, ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකාවේ ප්‍රබලම තුරුම්පුව මීළග අභියෝගයට සුදානම්ලු

angelo-fit-for-inde-cup
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී ලබන 6වෙනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වීමට සුදානමින් සිටියි.

බංග්ලාදේශයේදී පැවති තුනොක් එක්දින ක්‍රිකට් තරගාවලියේදී අබාධයකට ලක්වීම නිසා මැතිව්ස් හට ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලි දෙකම අහිමි වුනා.

නමුත් මැතිව්ස් මේ වනවිට සම්පුර්ණ සුවය ලබා ඉදිරියේදී පැවැත්වෙන අන්තර් සමාජ තරග කිහිපයකට සහභාගිවීමට සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *