Feb 03

අර්ජුන මහේන්ද්‍රන් රහස් පොලීසියට කැඳවයි

arjuna-mahendran
අර්ජුන මහේන්ද්‍රන් / අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවන් ලෙසට නම්කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මේ අතර පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය ද ඊයේ දීර්ඝ කෙරුනා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද කරන ලද ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණයයි මෙම නියෝගය කර ඇත්තේ.

මහ බැංකුවේ මුල්‍ය විමර්ශණ අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටවනු ලැබුවා.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර එය නැවත අලුත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *