Sep 13

ගැටබරුව දේවාලයට එන බැතිමතුන්ට අලෙවි කරන්න මත්පැන් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලීසියට මාට්ටු වෙයි – Video

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් 240 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු මොරවක – දංගල ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ දිනවල මොරවක – ගැටබරුව දේවාලයේ ඇසල පූජෝත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා පැමිණෙන බැතිමතුන්ට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය ළඟ තබාගෙන සිටි බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *