Feb 22

සුපිරි තුන් ඉරියව් තරුවට තීරණාත්මක නිදහස් කුසලානය අහිමි වෙයි, තවත් ප්‍රබලයින් 4ක් වැට උඩ

asela-ruled-out-nidahas-trophy

තීරණය ලබන සදුදා

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සටනට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ උරහිසේ අබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.

අසේල අබාධයකට ලක්වුණේ බංග්ලාදේශ තරගාවලිය අතරතුරයි.

ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙදී අබාධයකට ලක්වීම නිසා මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි අසේල යලි ජාත්‍යන්තර පිටියට පිවිසුනේ බංග්ලාදේශයේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී.

මේ අතර අබාධවලට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් ලබන සදුදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණදීමට නියමිත අතර එම පරීක්ෂණයෙන් පසු ඔවුන් නිදහස් කුසලාන තරගාවලියට එක්වෙනවාද නැද්ද යන්න තීරණය කරනු ඇති.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වන නිදහස් කුසලානය ලබන මස 6වෙනිදා අරම්භවීමට නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *