Feb 27

බැසිල්ට එරෙහි යකඩ බට නඩුව ජූනි 04 දා සිට

basil-case
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී .අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 ½  කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාතය බැසිල් රාජපක්ෂ මහතාට  සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේනිතුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයාට එරෙහි නඬුව ලබන ජූනි  04 වැනිදා සිට විභාග  කි‍රීමට
කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්, හෙයියන්තුඩුව  නියම කර ඇත.

විත්ති පාර්ශ්වයට ලබා දිය  යුතු  ලේඛන  ආදීය පැමිණිල්ල  විසින් ලබා දීමේන් අනතුරුව විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා මෙලෙස දින නියම කළේය.

2014 ඔකතෝබර් 31 වැනිදාත්, දෙසැළම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127, 78ක් ඩටීනා ජී.අයි. යකඩ බව බෙදාහැර රජයට  රුපියල් ,36 509 127 78ක පාඩුවක් සිදු සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටිත් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මෙලෙස චෝදනා ලැබ ඇත්තේ  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්පතුවේ  හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ. පී. රණවක මහතායි.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිවියහ.

නඩුව කැඳවනු ලැබූ  අවස්ථාවේදී විත්ති පාර්ෂවයට  ලබාදිය යුතු ලේඛන ආදිය පැමිණිල්ල විසින් ලබාදී ඇති බවත්, ඒවායේ අඩුපාඩුවක් නොමැති  බවත් විත්තිෂයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

නඩුව ලබන  ජුනි පමස 04 වැනිදා සිට විභාග කිරීමටද විනිසුරුවරයා වැඩිදුරත් නියම කළේය.
පැමිණි වෙනුවෙන් රජය ජ්‍යෙෂ්ඨ නිතිඥ අසාද් නවාවි මහතා පෙනී සිටී අතර, විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ්‍රවින්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු සමග නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *