Sep 23

ලොව පුරා විසිර සිටින රසිකයන් විසින් බැට්මෑන්ගේ 80 වැනි උපන්දිනය සැමරූ හැටි – Video & Photos

‘බැට්මෑන්’ කියන්නේ ඇමෙරිකන් කොමික්ස් එසේ නැතිනම් චිත්‍රකතා වීරයකු හැටියට හිතුවත් ඊට වඩා ජනප්‍රිය චරිතයක් බවට අද පත්වෙලා තිබෙනවා.

ඒ හොලිවුඩය හරහා ද අතිශය ජනප්‍රිය වූ ලොව කාගේත් ආදරය දිනූ සුපිරි වීරයෙක් හැටියටයි.

‘බැට්මෑන්’ චරිතය නිර්මාණය කරන්නේ ඇමෙරිකාවේ ‘ඩී.සී.’ කොමික්ස් සමාගම විසිනුයි.

සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, ඇක්වාමෑන් යන වීරයන් ද අයත් වන්නේ ‘ඩී.සී.’ සමාගමටමයි.

බැට්මෑන් කියන්නේ සුපිරි බලයක් නැති නමුත් ගුවන් යාන වැනි විවිධ උපකරණ රාශියක් භාවිතා කරන චරිතයක්.

ඒ වගේම මනස දියුණු කර ඇති බැට්මෑන් අත්ම ආරක්ෂක සටන් කලාව ප්‍රගුණ කළ චරිතයක්.

බැට්මෑන් චරිතය නිර්මාණය කළේ බොබ් කේන් සහ බිල් ෆින්ජර් යන දෙදෙනාය විසිනුයි.

ඒ 1939 වසරේ නිකුත් ඩී.සී. සමාගමේ ‘ඩිටෙක්ටිව් කොමිස්ක්ස්’ චිත්‍රකතා පොත් පෙළ හරහායි.

බැට්මෑන්ගේ 80 වැනි උපන් දිනය නිමිත්තෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක විවිධ උත්සව පැවැත්වුණ බව විදෙස් මාධ්‍ය වර්තා කර තබුණා.

එම උත්සව සඳහා බැට්මෑන් රසිකයන් සහභාවී තිබුණේ බැට්මෑන් ආකාරයට සැරසීගෙනයි.

එමෙන්ම ලෝකයේ ප්‍රධාන නගර රැසකම ඇති සුවිසක් ගොඩනැගිළිවල බැට්මෑන්ගේ (බැට්) ලකුණ ප්‍රදර්ශනය කර තිබුණ ඡයාරූපද විදෙස් මාධ්‍ය පල කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *