Sep 23

කොළඹ අහසත් කළු වෙයි – මහා වැස්සක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – Photos

ඉදිරි පැය 24 ක කාලය තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලටද මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවටයි ඔවුන් නිවේදනය කළේ.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අනිද්දා දක්වා තවදුරටත් පවතිනු ඇති.

මේ අතර නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ගං වතුර මට්ටමට ඉතා ආසන්න බැවින් ඒ අවට සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

මේ වනවිටත් කෑගල්ල, ගාල්ල, කළුතර දිස්ත්‍රික්ක 3 ටද නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *