Feb 23

ග්‍රහලෝකාගාරයෙ විශේෂ තාරකා විද්‍යා දර්ශනය හා දේශනයට ඇරයුම්

blog-post_23

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින කොළඹ – 07 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් විශේෂ විවෘත තාරකා විද්‍යා දේශනයක් සහ ග්‍රහලෝකාගාර දර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර
ඇත.

මෙම වැඩසටහන 2018 පෙබරවාරි  25 (ඉරිදා) පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී සිංහල මාධ්‍යයෙන්  පැවැත්වේ.
තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබටත් ඒ සඳහා සහභාගී විය හැකි අතර, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන පන්සියක් ( 500)  සඳහා සීමා වන බැවින් පෙ.ව 9.30 වන විට ග්‍රහලෝකාගාර පරිශ්‍රය තුළ අසුන් ගන්නා මෙන් සංවිධායකයන් විසින් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *