Dec 13

සයිටම් උපාධිය බාගෙට කළ අයට C2 S1 නැතිනම් වෛද්‍යවරයෙකු විය නොහැකියි

පසුගියදා රජයේ තීරණයක් මත වසා දමන්නට කටයුතු යෙදුණ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ දක්වා උපාධිය
හදාරමින් සිටි

සිසුන් සම්බන්ධයෙන් සිදු කළ යුතු දේ අදාළ කමිටුව මගින් නිර්දේශ කර තිබුනේ ඔවුන්ට ප්‍රමිතිගතව උපාධිය පිරිනමා අවසන් කළ යුතුය යන්නයි.
මෙම ප්‍රමිතිය පිළිබඳ තීරණය ඊයේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ දැනට උපාධිය අඩ වශයෙන් නිම කළ අය අතුරින් අවම C2 S1 උසස් පෙළ සුදුසුකම් ඇති අය පමණක් උපාධියේ ඉතිරි කොටස සම්පූර්ණ කර වෛද්‍යවරුන් වීමට අවසර දිය යුතු බවකි.

මේ අනුව සයිටම් අධ්‍යාපනය හදාරමින් සිටි ඊට අඩු සුදුසුකම් ඇති අයට උපාධිය හිමි නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *