Apr 18

අලුත් අවුරුද්දට කිඹුල් මස් කන්න ගිය දෙදෙනකු පොලිසියේ

ඌරගස්මං හන්දිය උතුරු මාගල පහළවෙල ප්‍රදේශයේ අලුත් අවුරුදු සාදයක් සඳහා කිඹුල් මස් කෑමට සූදානම් වූ දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මාදු ගඟ රක්ෂිතයෙන්

ඔවුන් කිමුලෙකු අල්ලාගෙන තිබෙන අතර කිඹුලා මරා රැගෙනවිත් අවුරුදු සාදයක් සඳහා ආහාර පිණිස ගන්නට මස් කරමින් සිට ඇත. මෙම අවස්තාවේ පොලිසයට ලැබුණ ඔත්තුවක් ඔස්සේ ඔවුන් දෙදෙනා අල්ලන්නට පොලිසියට පියවරගෙන ඇති අතර කිඹුල් මස් තොගයද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් දෙදෙනා වයස 28 හා 30 පසුවන අය බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *