Sep 23

ලොවම කළඹවමින් දෙනෙතින් කඳුළු කැට වෙනුවට දිනපතා විදුරු කැට හැලෙන යුවතියකගේ සංවේදී කතාව – Photos & Video

ලොව වෙසෙන සෑම පුද්ගලයෙකුම අතිශය සංවේදී වූ අවස්ථාවන්හිදී තමන් මුහුණ දී ඇති අසීරු තත්වය කඳුළු සලා හඬා වැටීමෙන් එම දුක තුනී කරගන්නා අයුරු අප මීට පෙර දැක තිබෙනවා.

කෙසේ වෙතත් එම තත්වය අසාමාන්‍ය ලෙස වෙනස් වූ කාන්තාවක් පිළිබඳව ලෝකයම පුදුම කරමින් මේ වනවිට වාර්තා වී තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ආමේනියාවෙන්.

එරට ග්‍රාමීය ප්‍රදේශයක වාසය කරන මෙම 22 හැවිරිදි යුවතියගේ  විශේෂත්වය වන්නේ ඇය කඳුළුසලන අවස්ථාවේ ඇයගේ දෙනෙත්වලින් කඳුළු කැට කඩාවැටීමයි. මෙසේ දිනකට කදුළු කට 50ක් පමණ කඩා වැටෙන බවත් ඒ අවස්ථාවේ ඉතා වේදනාකාරී බවත් පැවසෙනවා.

ප්‍රථමයෙන් මෙම තත්වය පිළිබඳව ඇය දැනගැනීමත් සමඟ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුවද වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙවැනි රෝගාබාධයක් පිළිබඳව අසා නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම තත්වය සමඟ ඇය මේ වනවිට දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව කඳුළු වෙනුවට ඇයගේ දෙනෙත් අගින් කඩා හැලෙන්නේ කුඩා වීදුරු කැටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *