Jan 09

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකට ප්‍රහාරයක් – Video

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, දයා මාස්ටර් ට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යාපනය – රෝහල පාර ප්‍රදේශයේ තම කාර්යාලයේ රැදී සිටින අවස්ථාවේදී ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි. පහරදීමෙන් ඔහුට සුළු තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

යාපනයේ ක්‍රියාත්මක වන ඩෑන් ටී.වී. ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, දයා මාස්ටර් කටයුතු කරනවා.

ඊට අදාළ ගැටළුවක් මුල් කර ගනිමිනුයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *