Jan 04

විදුලි වේගයෙන් පැමිණි මාරක බවුන්සර් පන්දුව නිසා ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩකයාට වුන දේ – Video

බිග් බෑෂ් T20 තරගාවලියේ ඊයේ පැවති මෙල්බර්න් ස්ටාර්ස් සහ බ්‍රිස්බේන් හීට්ස් අතර තරගයේදී මෙල්බර්න් ස්ටාර්ස් නායක ජෝන් හෙස්ටින්ග්ගේ හිසේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුගේ හිස් ආවරණය ගැලවී විසි වී ගියා.

හෙස්ටින් පන්දුවට පහරදීමට පැමිණ ඔහුට මුහුණදීමට හැකි වුනේ පන්දු කීපයකට පමණයි.

බෙන් කටින්ග් එවූ බවුන්සර් පන්දුවක් ඔහුගේ හිසේ වැදීමෙනුයි මෙලස හිස් ආවරණය ගැලවී විසි වී ගියේ.

කෙසේ නමුත් ඉන් හෙස්ටින්ට කිසිදු අනතුරක් සිදු වුනේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *