Jan 04

සැකයක් ඉතිරිකර ජීවිතයෙන් සමුගත් දෙදරු මව – Photos

death-case
මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ(03) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.

මුලතිව් පොලිසිය පැවසුවේ 37 හැවිරිදි තමිල්චෙල්වම් ඥානේස්වරී නමැති කාන්තාවක් ගෙළවැළලාගෙන මියගොස් සිටියදී මෙලෙස මළ සිරුර සොයාගත් බවයි.

මියගිය කාන්තාව දෙදරු මවක් බවයි සඳහන් වන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති බවද පොලිසිය සදහන් කළා.

අදාළ මරණය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *