Feb 02

“අගමැති වෙනස් විය යුතුයි, නම් කිහිපයක්ම යෝජනා වී තිබෙනවා..” – ඇමති ඩිලාන් කියයි – Video

dilan-perera

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එය නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවයි.

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රමය ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රමය වූවත්, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රමය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තවදුරටත් අවධාරණය කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින ගණුදෙනු හේතුවෙන් නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකිව ඇති බව ද ඩිලාන් පෙරේරා සඳහන් කළා.  එමෙන්ම මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා අගමැති වෙනස් විය යුතු බවත් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සදහන් කළේ අගමැති ධුරය සදහා නම් කිහිපයක්ම යෝජනා වී ඇති බවයි.

“අගමැතිව වෙනස් කරන්න හිටපු ජනාධිපතිටත් බැහැ. හිටපු ජනාධිපතිටත් බැහැ. ඒත් වර්තමාන ජනාධිපතිට පුළුවන්..” ඔහු වැඩිදුරටත් පැවසුවා.

බැදුම්කර සහ බරපතල වංචා වාර්තා සම්බන්ධයෙන් ලබන 6 වනදා පාර්ලිමේන්තුවේ සිදුකරන විවාදයට, මැතිවරණයෙන් පසු තවත් දින කිහිපයක් අවශ්‍ය බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *