Sep 16

“අවුරුදු 10ක් ගිනි කෑවා පුතේ, මගේ මහත්තයා මටත් රටටත් අහිමි වුණා..” – 5වන දිනයටත් පැවති ආබාධිත රණවිරුන්ගේ සත්‍යග්‍රහයට පැමිණි කාන්තාවක් සංවේදී වූ හැටි – Video

අපිට ජිවිතාන්තය දක්වා වැටුප ලැබුණේ නැහැ..
සෙබලුන්ට දිය යුතු දේවල් දෙන්න..
මේ මිනිස්සු නිසයි ගම්පහ ඉඳන් ආවේ..
 
ආබාධිත රණවිරුවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමට කටයුතු කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමියන් පවසනවා.
 
ඒ, ආබාධිත රණවිරුවන් උන්වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීයි.
 
මේ අතර, රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වන දිනටත් පැවැත්වෙනවා.

ක්‍රියාන්විතයේදී දිවි පිදූ සහ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් සදහා වයස අවුරුදු 55 න් පසුත් එලෙසම සිය වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.
 
අද දිනය පුරාත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පැමිණ ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා බලමින් මෙම සත්‍යග්‍රහයට සහය පළ කළා.
 
මේ අතර, දිවි පිදූ සහ ආබාධිත රණවිරුවන්ගේ සංගමය නියෝජනය කරන මියගිය රණවිරුවෙකුගේ බිරිඳක් මෙම සත්‍යග්‍රහයට සහය පළ කරමින් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණියා.
 
මෙම සත්‍යග්‍රහය පිළිබඳ මාධ්‍ය හරහා දැනුවත් වූ පිරිසක් අද එම ස්ථානයට පැමිණ රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලූ අතර, එක් කාන්තාවක් මෙලෙස අදහස් පළ කළා.
 
මේ අතර ආබාධිත රණවිරුවන් සහ භික්ෂූන්වහන්සේ අද සිය ඉල්ලීම් පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් දැනුවත් කළා.
 
ඉන් අනතුරුව මෙම පිරිස බැහැදුටුවේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්.
 
මේ අතර, කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රණවිරැවන් ගේ සත්‍යග්‍රහයට රාවණා බලය සංවිධානය ද අද එක්වුණා.
 
මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා.


 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *