Jan 26

දීප ව්‍යාප්ත අඛණ්ඩ වෛද්‍ය වර්ජනය 30 දා

doctors-strike-in-sri-lanka
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මේ මස 30 වැනිදා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අවස්ථා ගණනාවකදී සිය ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා සිටියද රජය ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹුනු බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ඊයේ දිනයේදී විරෝධතා පාගමනක නිරත වූයේ ද මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින්.

එහිදි ඔවුන් අරලිය ගහ මන්දිරය දෙසට පිවිසීමට උත්සාහ කිරීමත් සමඟ කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *