Dec 25

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා පිලට දේශීය තරග තහනම්

Domestic matches in Bangladesh banned from Bangladesh

බංග්ලාදේශය සමග පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක්‌ නම් කළ අතර අදාළ සංචිතයෙන් 15 දෙනකු තෝරා ගැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අනුදැනුම මත ක්‍රිකට්‌ තේරීම් කමිටුව මෙම සංචිතය තෝරාගෙන තිබේ.

තෝරාගත් ක්‍රීඩකයන්ට දැන් ක්‍රියාත්මක දේශීය ක්‍රිකට්‌ තරගාවලි ක්‍රීඩා කිරීමෙන් වැලකී සිටින ලෙසද නව පුහුණුකරුවා ඉල්ලීමක්‌ කර ඇති අතර එම ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගෙන තිබේ. නම් කරන ලද කණ්‌ඩායමේ පුහුණුවීම් ලබන 28 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ වෙතත් හතුරුසිංහගේ පැමිණීමත් සමග එක්‌දින පිලේ ස්‌ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්ට ස්‌ථානය හිමිවෙද්දී දිගින් දිගටම ප්‍රසාද දීමනා මගින් ස්‌ථානය හිමිව තිබූ ළහිරු තිරිමාන්නට එළියට යැමට සිදුව තිබේ. එමෙන්ම ඉන්දියානු සංචාරයේ ස්‌ථානය අහිමිව තිබූ කුසල් මෙන්ඩිස්‌වද සංචිතයට එක්‌කර තිබේ. අදාළ තරගාවලිය සඳහා නායකයකු පත්කර නොමැති අතර බොහෝ දුරට ඇන්ජලෝ මැතිව්ස්‌ට හෝ දිනේෂ් චන්දිමාල්ට එම කටයුත්ත භාර කිරීමට නව පුහුණුකරුවා අවධානයෙන් සිටින බවද වාර්තා වේ.

ලබන ජනවාරි 15 වැනිදා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක්‌ පැවැත්වේ. අනතුරුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග ටෙස්‌ට්‌ සහ විස්‌සයි විස්‌ස තරගාවලියකට සහභාගි වීමට නියමිතය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්‌ට්‌ තරග දෙකක්‌ පැවැත්වෙන අතර පළමු ටෙස්‌ට්‌ තරග ජනවාරි 31 වැනිදාත් දෙවැන්න පෙබරවාරි 8 වැනිදාත් පැවැත්වේ. අනතුරුව විස්‌සයි විස්‌ස තරග දෙකක්‌ පෙබරවාරි 15 සහ 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගේ සංචිතය

තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙµaරි වැන්ඩ්‍රසි, අමිල අපොන්සු, ලක්‍ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා.

අසේල විතාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *