Dec 26

ලූනු වගාවේ ඇන්ත්‍රැක්‌නෝස්‌ හා දම් පැල්ලම් රෝගයන් සාර්ථකව පාලනය කරගමු

මහඉලුප්පල්ලම බෝග පර්යේෂණායතනයේ පර්යේෂණ නිලධාරි 
 මේනකා ප්‍රනාන්දු මෙනෙවිය

ලූනු Allium cepa L ලෙස විද්‍යාත්මකව හඳුන්වනු ලබන අතර අප රට තුළ වැඩි වශයෙන් මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, යාපනය යන දිස්‌ත්‍රික්‌ක වල මෙන්ම මහවැලි H කලාපවලට අයත් වන ප්‍රදේශවල වගා කරනු ලබයි. මීට අමතරව අවාරයේ වගාව යටතේ ද වගා කෙරේ. වසරකට මෙ. ටොන් 220,000 – 224,000 අවශ්‍යතාවයක්‌ ඇත. මෙම අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා ඒකක බිමකින් ලබාගන්නා අස්‌වැන්න වැඩි කරගත යුතුය. මෙහිදී වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමට වගාව රෝග පළිබෝධ වලින් තොරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. සත්‍ය බීජ, බල්බ, ශාක අවශේෂ, සුළං, ජලය හා යාන්ත්‍රික ක්‍රම ආදී විවිධ ක්‍රම මගින් පැතිරෙන ඇන්ත්‍රැක්‌නෝස්‌ හා දම් පැල්ලම් රෝගයන් ලූනු සත්‍ය බීජ නිෂ්පාදනයට මෙන්ම බල්බ වගාවට ද අහිතකර තත්ත්වයන් ඇති කරයි. රෝග පැතිරීමට හිතකර තත්ත්ව පැවතියහොත් ඉතා ඉක්‌මනින් 100% අස්‌වනු හානියක්‌ වුවද ඇති කළ හැකිය. පැතිරීමට පෙර පාලනය ඉතා වැදගත් බැවින් ආරම්භයේදී ම රෝග ලක්‍ෂණ පැහැදිලිව හඳුනා ගැනීමට අඛණ්‌ඩ පරීක්‍ෂාව ඉතා වැදගත් වේ.

ඇන්ත්‍රැක්‌නෝස්‌ රෝගය

* රෝග කාරකය වන්නේ කොලෙටොටි්‍රකම් ග්ලියෝස්‌පෝරිඩියෝඩස්‌ (Colletortichum gloesporiduies) දිලීර විශේෂයයි.

* උෂ්ණත්වය 20-310C හා වර්ෂාව සහිත අධික ආර්ද්‍රතාවක්‌ ඇති විට මෙම රෝගය වැඩි වශයෙන් වගාවට වැළඳේ.

රෝග ලක්‍ෂණ

*මෙම රෝගයේදී පළමුව පත්‍ර මත සුදු – කහ පැහැති ඕවලාකාර ගිලුනු ලප ඇති වේ. එම ලප මිලිලීටර් 2-3 ක්‌ පමණ පළල වේ.

*මේවා එකට එක්‌වී ඒක කේන්ද්‍රීය වලයාකාර ලප ඇතිවීම ආවේණික ලක්‌ෂණයයි. සමහර අවස්‌ථාවලදී තැඹිලි පාට බීජාණුධානි එම ලප මත දැකිය හැක.

* මෙම රෝගය මලෙහි නටුව, පුෂ්ප මංජරී හා පුෂ්පිකාවලට වැලඳුණු විට පුෂ්පිකා වියළි සත්‍ය බීජ නිෂ්පාදනය අඩු වේ. පත්‍ර කහ වී දඟර ගැසී ශාකයේ ගෙල ප්‍රදේශයෙන් කඩාවැටීම සිදුවිය හැකිය. ආසාදිත පත්‍ර කහ පාට වී පසුව වියළී මැරී යයි.

*මල් නටු මත දිලීර පැල්ලම් ඇති වී එම ස්‌ථානයෙන් මල් නටුව කඩාවැටීම සිදු වේ. අවසානයේදී බල්බය කුණු වී යාම සිදුවිය හැකිය.

කහ පැහැති ඕවලාකාර ශාකයේ ගිලුනු ලප

ඒක කේන්ද්‍රීය වලයාකාර ලප ඇතිවීම

පත්‍ර කහ වී දඟර ගැසී ගෙල ප්‍රදේශයෙන් කඩාවැටීම

මල් නටු මත දිලීර රෝග ඇතිවීම

රෝග පැතිරීම

* සත්‍ය බීජ, බල්බ හා ශාක අවශේෂ මගින්

* සුළං, ජලය හා යාන්ත්‍රික ක්‍රම මගින්

* දිලීරයට බෝග අවශේෂ සමඟ අවුරුදු 1 ක කාලයක්‌ වුවද පැවතිය හැකිය.

රෝග පාලනය

* මෙම රෝගය මව් බීජ හා බල්බ මගින් පැතිරී යන නිසා නිරෝගී වගාවකින් බල්බ හා බීජ තෝරාගත යුතුය.

* හොඳින් බිම සකස්‌ කර කාණු සකසා වැඩි ජලය බැස යැමට හැකි වන සේ පාත්ති සැකසිය යුතුය.

* සත්‍ය බීජ ප්‍රතිකාර කිරීම. මේ සඳහා පහත සඳහන් දිලීර නාශක භාවිතා කළ හැකිය.

රසායනික නම                   යෙදිය යුතු ප්‍රමාණය
කැප්ටාන් 50% තෙත් කුඩු          6g/kg
කැප්ටාන් 80% තෙත් කුඩු          4g/kg
තිරාම් 80% තෙත් කුඩු               5g/kg
තයෝෆනේට්‌ මිතයිල්                 50% +
තිරාම් 30% තෙත් කුඩු               4g/kg

*ලූනු පැළ සහ බල්බ වගා කිරීමට ප්‍රථම පහත සඳහන් ද්‍රවණයක විනාඩි 20-30 ගිල්වා තබන්න. ද්‍රවණය එක්‌ වරක්‌ පමණක්‌ භාවිතා කරන්න.

රසායනික නම                  යෙදිය යුතු ප්‍රමාණය

තයෝෆනේට්‌ මීතයිල් 70%
තෙත් කුඩු                            20g/101
තිරාම් 80% තෙත් කුඩු         15g/101
තයෝෆනේට්‌ මීතයිල් 50% +
තිරාම් 30% තෙක්‌ කුඩු        18g/101

* නිර්දේශිත මාත්‍රා වලින් රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතා කරන්න. විශේෂයෙන් අධික නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය සීමා කරන්න.

* ජල වහනය දියුණු කිරීම.

* නිර්දේශිත පැළ ගහනය පවත්වා ගැනීම.

* රෝග කාරක සඳහා හිතකර පරිසරයක්‌ ඇති කිරීම වැළැක්‌වීම සඳහා වල් මර්දනය වැදගත් වේ.

* වගාව ආරම්භ කළ පසු විනිවිද පෙනෙන පොලිතීන් මගින් වර්ෂාවෙන් හා රාත්‍රියේ පින්නෙන් වගාව ආරක්‍ෂා කර ගැනීම.

– ආවරණ තුළ තෙත් ගතිය ඇති නොවීමටත්

– ඉතා හොඳින් වාතාශ්‍රය ඇති වන සේත්

– ආවරණය මල් වල නොගෑවෙන සේත් මල්වලට සෙ.මී. 10-15 ක්‌ උසින් සිටිනා ලෙසත් සැකසිය යුතුය.

*පොලිතීන් ආවරණය යෙදීම අපහසු නම් උදැසන පිනි සෝදා හැරීම.

* ආසාදනය වූ විගස නිවැරදිව රෝගය හඳුනා ගැනීම එහි පැතිරීම පාලනය කිරීමට වැදගත් වේ.

* දිලීර නාශක යෙදීමට ප්‍රථම හැකි තරම් ආසාදිත පත්‍ර හා මල් කොටස්‌ කපා ඉවත් කරන්න.

* රෝග ලක්‌ෂණ දක්‌නට ඇති විටදී දින 7-10 කට පමණ වරක්‌ දිලීර නාශක යෙදීම නිර්දේශ කෙරේ.

* වගාවේ රෝග පාලනය සඳහා පහත දිලීර නාශක භාවිතා කළ හැක. සාන්ද්‍ර ද්‍රdව්‍ය

රසායනික නම                            යෙදිය යුතු ප්‍රමාණය

ක්‌ලෝරොතැලොනිල්                        500ටරැ
සාන්ද්‍ර ද්‍රව්‍ය                                       30පකරැ101
ෆ්ලුසිනාම් 500ටරැක සාන්ද්‍ර ද්‍රව්‍ය   10පකරැ101
පයිරක්‌ලොස්‌ටොබින් +
මෙටිරාම් 60% තෙත් කැට                4ටරැ1නට
ටිබියුකොනසෝල් +
ට්‍රයිෆ්ලොක්‌සිට්‍රොබින් 75%
තෙත් කුඩු                                        7ටරැ101
ප්‍රොපිනෙබ් 70% තෙත් කුඩු            20ටරැ101
ඇසොක්‌සිස්‌ට්‍රොබින්                       250ටරැක

සාන්ද්‍ර ද්‍රව්‍ය                                  10පකරැ101

* රෝගකාරක දිලීර බීජාණු, රෝගය වැළඳුන ශාක කොටස්‌ මත නොනැසී ජීවත් විය හැකි නිසා බෝග අවශේෂ ඉවත් කිරීම මගින් ඊළඟ කන්නයේ රෝග ඇතිවීම අවම වේ.

* රෝගය වැළඳීමෙන් පසු දිලීර නාශක යොදා රෝගය පාලනය ඉතා අපහසු වේ. එමනිසා ඉහත ක්‍රම සියල්ලම භාවිතා කිරීමෙන් රෝගය පාලනය කළ යුතුය.

දම් පැල්ලම් රෝගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *