Oct 22

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු පිරිස අතරට මෝටර් රථයක් වැදී අයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් මාර්ගය මධ්‍යයේ පිහිටි වැට පිළිසකර කරමින් සිටියදී ඔවුන් වෙතට වේගයෙන් පැමිණි රථයක් ඔවුන් යට කරගෙන
ගිය බව අද උදේ වාර්තා විය.
මෝටර් රථය ගැටීමෙන් එම ස්ථානයේ එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙයි.

පොලිසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු මෝටර් රථය මෙලෙස මාර්ග නඩත්තු කටයුත්තක යෙදී සිටි පිරිසක් අනතුරකට ලක් කර ඇති බවයි. මෙම අනතුර අධිවේගී මාර්ගයේ 33.7 R ප්‍රදේශයේදී සිදුව ඇත.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ අයෙක් බවත් නාගොඩ රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටිය බවත් රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *