Sep 13

වෛද්‍යවරයෙකු යැයි පවසමින් හෙදියක් රැවටූ පෙම්වතාට සිදු වූ දේ

අන් අයෙකු ලෙස පෙනි සිටිමින් වංචා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

මාතලේ, මානින්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නලින්ද හේරත් කුමාරසිංහ නමැති සැකකරුට මෙසේ ඇප නියම කෙරුණි.

සැකකරු මිනුවන්ගොඩ පොලිස්‌ වසමේ පදිංචි රජයේ රෝහලක සේවය කළ හෙදියක මුහුණු පොතෙන් හඳුනාගෙන තිබේ. සැකකරු රජයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් 28 හැවිරිදි හෙදිය සමග පසුව ප්‍රේම සම්බන්ධයන් ඇතිකර ගෙන ඇත. පසුව හෙදිය විසින් වෛද්‍යවරයෙකු යෑයි පැවසු සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව තම දියණිය විවාහ කර දීමට සුදුසු අයෙකුද යන්න දෙමාපියන් සොයා බැලීමේදී සැකකරු වෛද්‍යවරයෙකු නොවන බව අනාවරණය වී තිබේ. ඉන් අනතුරුව හෙදිය ප්‍රේම සම්බන්ධතාව නවතාලීමෙන් අනතුරුව සැකකරු හෙදියට ඇයගේ පියාට ජංගම දුරකථනයෙන් මරණීය තර්ජනය සිදුකර ඇතැයි සැරයන් ඒකනායක පැවසීය.

“දිවයින”
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *