Feb 27

බිරිය රට ගිහාම දරු දෙදෙනා සමග හොරකමේ යෙදුනු පියා

බිරිද විදේශගත වූ අතරවාරයේදී දරු දෙදෙනා යොදාගෙන සොරකමේ යෙදුණු පුද්ගලයෙකු ඊයේ (26) දා අලුයම රයිගම මිල්ලගස් හංදියේ ගරාජයක් තුළදී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි. සැකකරු එලෙස සොරාගත් බස් රථයක ආම් හතරක්, වාහන කිහිපයක අමතර කොටස් මෙන්ම
සොරකම සඳහා යොදා ගත් කුඩා ලොරියක් පොලිස් බාරයට ගෙන ඇත.

රයිගම මිල්ලගස් හංදියේ ගරාජයක වාහනවලීන් ගලවා තබන ලද අමතර කොටස් කිහිපයක් රාත්‍රී කාලයට වරින් වර අස්ථාන ගතවීමත් ඒ සෑම දිනකම ගරාජය ඉදිරිපිට මාර්ගයේ විදුලි කණුවේ විදුලි ලාම්පුව නිවා තිබීම

සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ගරාජ් හිමියා දින කිහිපයක සිට අලුයම තවත් කිහිපදෙනෙකු සමග ගරාජය අසල රැක සිට ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරු කුඩා ලොරියෙන් අඹ විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබු අතර, ඒ අතරතුර වසරකට පමණ ඉහතදී බිරිඳ දරු දෙදෙනාව යාබද නිවසක වයෝවෘද්ධ කාත්තාවකට මාසිකව රුපියල් දස දහසක් ලබාදීමේ පොරොන්දුව මත ඔවුන්ව ඇයට බාර කර විදේශගතව ඇති බවත්, බිරිඳ වීදේශගත වීමත් සමග තම ‍වෙළඳාම  අත්හැර තිබූ සැකකරු මත්කුඩු පානයට තදින් ඇබ්බැහිවී ඇති බවද පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකාර පියා හා දරු දෙදෙනා හොරණ අධිකරණයට ඉදිරිපත් කිර්මට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *