Jan 06

යට ඇඳුම් හොරා නිදහස් කර ගන්න ගිය ගම්පහ මන්ත්‍රීවරයා කොලේ ඉරාගෙන ඇඟේ හලා ගනී

gampaha-minister
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙකුට තර්ජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වූ සැකකරුව නිදහස් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ස්ථානාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ සැකකරු උසාවියට ඉදිරිපත් කරන බවයි.

නිවසකින් කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමේ වරදටයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙය සුළු සිද්ධියක් බැවින් ඔහුව නිදහස් කරන ලෙස මන්ත්‍රීවරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර එම ප්‍රතික්ෂේප කළ නිසයි මන්ත්‍රීවරයා විසින් ස්ථානාධිපතිවරයාට තර්ජනය කර ඇත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *