Jul 31

ගෝඨාභය ඇමරිකානු පුරවැසිකම අත්හළ බවට ව්‍යාජ ලේඛන සමාජ මාධ්‍යයේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙකි. එය අත්හැරීම මත ජනපති ධූරය ඉල්ලා සිටීමට අඩුව පවතින සුදුසුකම  සපුරාගැනීමට හැකි වන නිසා පොහොට්ටු පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියට එය ඉක්මණින් අවශ්‍ය දෙයකි. මේ නිසාදෝ එම පක්ෂයට පක්ෂපාතී බවට හඳුනාගතහැති ෆේස් බුක් පිටු කිහිපයක් ඔස්සේ
පසුගිය සඳුදා සිට

එක්තරා සහතික පත්‍රයක් ප්‍රසිද්ධ කර තිබේ. එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු රජය මගින් පුරවැසිභාවය ඉවත් කර දුන් බවට සහතිකයකි.
මෙම ලේඛනය තුළ ගෝඨාභය මහතාගේ නම පාස්පෝට් අංකය සහතික කළ අයගේ නම් හා තනතුරු ආදී වැදගත් දත්තද අඩංගුවේ. බැලුබැල්මට මෙය නිවැරදි සහතිකයක් බව පෙනී ගියත් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී සංස්කරණය කර සැකසූ ව්‍යාජ ලේඛනයක් බවට හඳුනාගන්නට ලැබේ.

සත්‍ය ලෙසම මෙම සහතිකය මුදා හැරිය අය සිදු කර ඇත්තේ විකිපීඩියා වෙබ් අඩවියේ දක්වා ඇති සාම්පල ලේඛනයක කොටස් කිහිපයක් සංස්කරණය කිරීමකි. කෙසේ වෙතත් එම සංස්කරණයේදී ඇතැම් දින වැරදී යාම නිසා මෙම ලේඛනය කූඨ ලේඛනයක් බව වඩාත් පැහැදිලිවී ඇත.

මේ ගැන සත්‍ය තත්වය අද (31) දින ඩේලි මිරර් පුවත්පතේ ලිපියකින්ච අනාවරණය කර තිබේ. කූඨ ලේඛනයේ හැටියට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය 2003 මාර්තු 13 ලබා ඇතත් සත්‍ය ලෙසම ගෝඨාභය මහතා එම පුරවැසිභාවය ලබා ඇත්තේ 2003 ජනවාරි 31 බව පුවත්පත විසින් හෙළි කර තිබේ. එසේම ගෝඨාභය මහතාගේ පාස්පොට් එක ඇමරිකාව නිකුත් කර ඇත්තේ 2012 ඔක්තෝබර් වුණත් මෙහි දැක්වෙන්නේ 2012 ජුලි බවකි.
මේ ලේඛනයට අත්සන තබා ඇති ජොයෙල් ෆුල්ෆිල්ඩ් යන නම හා අත්සන විකිපීඩියා සාම්පල සහතිකයේ ඇති ආකාරයටම ව්‍යාජ ලේඛනයේ පිටපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *