Jan 10

වික්ටර් රත්නායකගේ යොවුන් බිරිඳ බන්ධනාගාරයට රැගෙන ගිය හැටි – Video

hasini-amendra-story

රන් භාන්ඩ වංචාවක් සම්බන්ධයෙන් අද උදෑසන තංගල්ල පොලීසියට බාර වූ ප්‍රවීණ ගායකයකු වන වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා අද දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු තීරණය කළේ හෂිනි අමේන්ද්‍රා ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි.

31 වියැති ඇය කලකට ඉහතදී තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කර තිබුණා.

එසේ සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අද (9) ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *