Apr 12

අරලගංවිල පාසල් සිසුවෙක්ගෙන් හෙලිකොප්ටර් ආකෘතියක්

ඉවත දමන යකඩ බට තහඩු හා යාන්ත්‍රික කොටස් යොදා ගනිමින් සිවුදෙනකුට ගමන් කළ හැකි හෙලිකොප්ටර් ගුවන් යානයක්
නිපදවීමට දිඹුලාගල අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසරේ ශිෂ්‍යයකු සමත් වී සිටියි.

උසස් පෙළට ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන එම සිසුවා පසුගියදා ප්‍රථම වරට එම විද්‍යාලයේ පැවැති තාක්ෂණික ප්‍රදර්ශනයට ඔහු නිපද වූ හෙලිකොප්ටරය ඉදිරිපත් කර තිබිණි. උසින් අඩි හතක් සහ  දිගින් අඩි විසිතුනකින් යුත් එම හෙලිකොප්ටර් ගුවන්යානය මාස තුනක කාලයක් තුළ නිපදවීමට සමත් වී ඇත්තේ අරලගංවිල කැකුළුවෙල දුෂ්කර ගම්මානයේ  දිවි ගෙවන වී හිරන්ත ප්‍රසාද් නමැති 18 වියැති පාසල් සිසුවාය. විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුමපියන්, සිසුන් මෙන්ම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සියලුදෙනා මහත් විශ්මයට පත් කළ මම හෙලිකොප්ටර් ගුචන් යානය ගුවන් ගත කිරීමට අදාළ ආරක්ෂක අංශවල අවසරය ලබාදෙන ලෙස හීරත්ත ප්‍රසාද් සිසුවා ඉල්ලීමක් කරයි.

“මම මේ හෙලිකොප්ටර් යානය හදන යොදා ගත්  ගරාජ්වල අයින් කරලා තියෙන යකඩ, බට. තහඩු එහෙම. ඒ වගේම එන්ජින් එක ක්‍රියා කරන්න කැඩුණ වතුර මෝටරයක් මම හදලා ගත්තා. වාහනවලින් වගේම් මේ ගුවන් යානය හඳන්න මහන මැෂින් කොටස්. පැරණි පරිගණක යන්ත්‍ර කොටස්, ට්‍රොලි රෝද පවා යොදා ගත්තා.
මගේ තාත්තා තමා අමතරව ගිය මුදල් දුන්නේ.

තාත්තා මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් විද්‍යාලයේ විදුහල්පති රත්නසිරි සර්. තාක්ෂණ අංශ බාර අමිල ක්‍රිෂාන්ත සර්. දයා කල්‍යාණි ටීචර්. අමිල, ප්‍රදීප්,උපාලි නාරද හිමියන්, අතපත්තු, දමිත් යන ගුරුවරුන් ප්‍රියත්ත කුමාර, සසිඳු දිල්ශාන්, චානුක සඳරුවන් යන යාළුවෝ වගේම ගමේ අයත් මට ගොඩක් උදව් කළා මේ හෙලිකොප්ටර්යානය හදන්න. මම සමහර දවස්වල හරි වෙලාවට කෑමක් බීමක්. නින්දක් නැතුව වැඩ කළා. මේක හදන්න මට මාස තුනක කාලයක් ගියා.

ඉකෝලෙ තාක්ෂණ විෂය කරන සර්ලා. ටීචර්ලා කතා වුණා ප්‍රදර්ශනයට ගුවන් යානයක් නිර්මාණය කළොත් හොඳයි කියලා. ඒක මට ඇහුණා. ඒ වෙලාවේ ඉඳලා හිත ගියේම මේ වැඩේ උනන්දුවෙන් කැපවීමෙන් කොහොම හරි කරනවා කියලා. ඉතිං සාර්ථකව වැඩේ කළා. දැන් මට මේ හෙලිකොප්ටර් යානය ගුවන්ගත කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යශයේ අවසරය ඕනේ. ඒ වගේ අනිකුත් උපදෙස් ඕනේ. මගේ අවසාන ඉලක්කය තමා ගුවන්යානා  50ක් විතර හඳලා ප්‍රදර්ශනයක් කරන්න.

මම තණකොළ ගලවන උපකරණයක් හදලා තියෙනවා. ඒ වගේම බහු කාර්ය රේක්කයක් හදලා කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා උතුරුමැද පළාතෙන් දෙවන ස්ථානය ගත්තා. ඉතිං අපි වගේ නව නිර්මාණ කරන අයව අගය කරලා මගේ මේ නිර්මාණයට පේටන් බලපත්‍රය ලබා ගන්නත් අදාළ බලධාරීන් මට උදව් කළොත් ලංකාවට අලුත් නිර්මාණය කරලා ලෝකයා මවිතයට පත් කරනවා. මට අනිත් සිසුන්ට කියන්න තියෙන්නේ තමන් ගැන අඩු තක්සේරු කරගන් නැතුව යහපත් දෙයක් හිතුවොත් ඒ කාර්යය කරලාම අවසන් කරන්න කියලා. මම හෙලිකොප්ටර් යානය නිපදවලා ලොකු අත්දැකීමක් ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *