Dec 27

සිංගර් නොවැම්බර් මාසයේදී රු. බිලියනයක Huawei ස්‌මාර්ට්‌ ෆෝන් අලෙවි කරයි

Huawei smartphone sold at 1 billion

Huawei ස්‌මාර්ට්‌ෆෝන් ජාතික බෙදාහරින්නා වන සිංගර් සමාගම 2017 වසරේ නොවැම්බර් මාසයේ දී පමණක්‌ Huawei ස්‌මාර්ට්‌ෆෝන් රුපියල් බිලියනයක අලෙවියක්‌ වාර්තා කරයි. මෙලෙස රුපියල් බිලියනයක අලෙවියක්‌ සිංගර් විසින් වාර්තා කළ දෙවන අවස්‌ථාව මෙයයි. මෙරට අංක එකේ ස්‌මාර්ට්‌ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම ඉතා කෙටි කාලයක්‌ තුළ සිය ඩිජිටල් මාධ්‍ය අලෙවි ජාලය තුළින් මෙම අලෙවි වර්ධනය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

සිංගර් ශ්‍රී ලංකා හි විශ්වාසනීය සහකාරීත්වය, අලෙවි ඉලක්‌ක සපුරා ගැනීමේ ආවේණික ක්‍රමවේදය, අලෙවි ක්‍රමෝපාය, සහ සන්නාම නවීකරණ ක්‍රමවේද ඔස්‌සේ මෙම සාර්ථකත්වය හිමි කර ගැනීමට සාධක වී තිබේ. මෙම අලෙවි වර්ධනය සමඟ මෙරට ස්‌මාර්ට්‌ෆෝන් අලෙවියේ Huawei හි වෙළෙඳපොළේ ප්‍රතිශතය තවදුරටත් ඉහළ යනු ඇත. Huawei විසින් පසුගිය නොවැම්බරයේදී හදුන්වා දුන් භදඩ් 2ස ස්‌මාර්ට්‌ෆෝනයේ හි අලෙවි වර්ධනය ද මෙම අලෙවි ආදායම ඉහළ යැමට බලපා තිබේ. මෙරට අංක එකේ ස්‌මාර්ට්‌ෆෝනය ලෙස වර්ධනය වන Huawei මේ වනවිට මෙරට ජනප්‍රියතම ස්‌මාර්ට්‌ෆෝන් සන්නාමය බවට පත්ව තිබේ.

මෙම සාර්ථකත්වය පිළිබඳ අදහස්‌ දක්‌වමින් සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌ මහතා සඳහන් කළේ මෙම අවස්‌ථාව සිංගර් ශ්‍රී ලංකා සමාගමට මෙන්ම Huawei සන්නාමයටත් අතිශයින් වැදගත් අවස්‌ථාවක්‌ බවයි. මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීම සඳහා සමස්‌ථ සේවක කණ්‌ඩායම දැක්‌වූ දායකත්වය ද අමතක කළ නොහැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. උසස්‌ තත්ත්වය සහ දැරිය හැකි මිල පිළිබඳව කල්පනා කරන පාරිභෝගිකයන් සිංගර් වටා එක්‌රොක්‌වී ඇති බවත් ඔවුන් නිසා මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට හැකිවූ බවත් සිංගර් සමූහ ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දුන්නේය. Huawei විසින් ඉදිරිපත් කළ නවීන, තත්ත්වයෙන් උසස්‌, පාරිභෝගික සිතැඟියාව හඳුනාගනිමින් නිර්මාණය කළ ස්‌මාර්ට්‌ෆෝන් පෙළ පාරිභෝගිකයා ආකර්ශනය කරගැනීමට සමත් වීම ද මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකයක්‌ බවද ඒ මහතා සඳහන් කළේය. මෙම අලෙවි වර්ධනයත් සමඟ Huawei මෙරට අංක එකේ සමාර්ට්‌ෆෝනය බවට පත්වීම තවදුරටත් පහසු කර ඇති බවද අසෝක පීරිස්‌ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *